පෙරවදන
ඉශ්රායෙලය වනාහී මහාද්වීප" ජාතීන් හා සංස්කෘතීන් එක් කරන ගොඩබිම් පාලමක් බඳු එක් පැත්තකින් මධ්‍යධරණී මුහුදින් වට වූ කුඩා පටු බිම් තීරයකි' හිමෙන් වැසී ගිය කඳු මුදුන්" කොළ පැහැයෙන් පිරී ගිය කුඩා වන වදුල් හා කාන්තාර වැලි කඳු වලින් ගැවසී ගත් ඉශ්රායෙලය මධ්‍යධරණී මුහුදත්" මළ මුහුදත් අතර පිහිටියේ ය'
මානව ඉතිහාසය නමැති වේදිකාව මත රඟ දැක්වෙන නාට්‍යමය ජවනිකා පෙළක් මෙන් ගලා යන බොහෝ යුධ සංග්‍රාම හා විප්ලව වලින් ගැවසී ගත් ඉශ්රායෙල් දේශය ලොවේ ප්‍රධාන ඒකදේවවාදී ආගම් තුනක් බිහි වූ රටකි' අපගේ ගැළවුම්කරුවාණන්" ස්වාමින් වහන්සේ හා ක්‍රිස්තියානි ධර්මයේ නිර්මාතෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපන් බෙත්ලෙහෙම" හැදී වැඩී අධ්‍යාපනය ලැබූ නසරෙතය" සිය දිවැසි කාර්යය පරිපූර්ණත්වයට පත් කළ ගලීලය හා ස්වකීය දුක් විඳීම" මරණය" උත්ථානය හා ස්වර්ගාරෝහණය සිදු වූ ශුද්ධ නගරය වන ජෙරුසලම ද පිහිටියේ මෙම ඉශ්රායෙල් දේශයේ ය'
ජොර්දාන් නදිය
මෝසස්ගෙන් පසුව පත්වූ ජෝෂුවාගේ නායකත්වය යටතේ" ඉශ්රායෙල් ජනතාව පොරොන්දු දේශයට ^ඉශ්රායෙලයට& ඇතුළු වීමේ දී එතෙර වූ ජොර්දාන් ගංගාව (ජෝෂුවා 3: 14 - 17) ඉශ්රායෙලයේ නැගෙනහිර මායිමේ පිහිටියේ ය' ඉශ්රායෙල් ඉතිහාසයේ දැක්වෙන ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙකු වූ එලියා හා ඔහුගේ සේවයෙන් පසුව දෙවියන් වහන්සේගෙන් කැඳවීම ලැබූ එලීෂා තම දිවැසිවර කාර්යය ඇරඹූ ස්ථානය ලෙස මෙම ගංගාව කීර්තියක් උසුළයි' (1 රාජාවලිය17 : 1 - 7 / 2 රාජාවලිය 2 : 13 - 16) සුපිරිසිඳු ජලයෙන් පිරුණු අපට දැකුම්කළු වගාබිම් වලින් ගැවසී ගත් හා වියලි කාන්තාරය පෙනෙන තෙක් මානයේ පිහිටි" ජොර්දාන් නදිය මළ මුහුදට ඉතා ආසන්නව පිහිටි ආධ්‍යාත්මික ජීවයෙන් හා දේව ස්ප්‍රීතුවෙන් පිරුණු ශුද්ධවත්බව දැනෙන මනරම් ස්ථානයකි' ස්නාවක ජොහාන් තුමා තම දිවැසිවර කාර්යය සඳහා ජොර්දාන් ගංගාව අසබඩ තෝරා ගන්නට ඇත්තේ එනිසා විය යුතුය' ස්නාවක ජොහාන් තුමා සිය දිවැස්වර කාර්යය ආරම්භ කරමින් ජොර්දාන් ගඟ අසලට පැමිණි ඉශ්රායෙල් ජනතාවට මනස්ස්ථාපනය වී පාප මාර්ගයෙන් හැරී" දෙවියන් වහන්සේ සොයා ඒමට ආරාධනා කළ අතර" පව් කමාවේ සළකුණක් වශයෙන් එහි ජලයෙන් බව්තීස්ම ස්නාපනය ලබා දුන්නේ ය'(මතෙව් 3 : 1 - 12 /මාර්ක් 1 : 2 - 8)
දැකුම්කළු නුවරක් වූ නාසරෙතය වනාහී, පැරණි ඉශ්රායෙල් දේශයේ ගලීලය නමැති ප්‍රදේශයේ පිහිටි කුඩා ගමකි. නාසරෙතය වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නේ ලූක් තුමා ලියූ සුභාරංචි පොතට අනුව, මරිය තුමිය වාසය කළ ග්‍රාමයත්, එහිදී ගාබ්‍රියෙල් දේවදූතයා දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් වහන්සේ මිනිස් විලාශයෙන් මරිය තුමියගේ කුස තුළ පිළිසිඳ ගැනීම පිළිබඳ සිද්ධිය ප්‍රකාශ කිරීමත් (ලූක් 1 : 26 - 38), පසුව ජුසේ තුමා, මරිය තුමිය හා ළමා ජේසුස් වහන්සේ ජීවත් වූ ස්ථානයත් නිසා ය.
ජේසුස් වහන්සේ ළමා වියේ සිට හැදී වැඩී, රබ්බිවරුන් (පඬිවරුන්) යටතේ ජුදා අධ්‍යාපනය ලබා, තම ජීවිතයේ සම්පූර්ණ කාලය එහි ගත කළේ නාසරෙතයේ ය. එසේම ජේසු සමිඳුන් ශුද්ධාත්ම බලයෙන් පිරී ගලීල නුවරට පැමිණ ධර්ම ශාලාවේ (සිනගෝගයේ) පළමුවන ප්‍රසිද්ධ දේශනය පැවැත්වූයේ ද නාසරෙත් නුවරය. තවද තම ශ්‍රාවකයන් කැටුව යමින් දේශනා කරමින්, උගන්වමින් හා නොයෙකුත් හාස්කම් කරමින් ධර්මදූත සේවය (මෙසියානු කාර්යය) සම්පූර්ණත්වයට පත් කළ ග්‍රාමය වන්නේ ද නාසරෙතය යි. මේ නිසා ම ජේසුස් වහන්සේව පසුකාලීනව නාසරෙත් හි ජේසුස් (ජේසුස් නසරේනු - Jesus of Nazareth) යන නමින් හඳුන්වන්ට යෙදුණි.
කානා නුවර
ජේසුස් වහන්සේ සිය ධර්මදූත සේවාව ආරම්භ කිරීමේ සළකුණක් වශයෙන් කානා නුවර නම් ග්‍රාමයේ දී සරණ බන්ධන (විවාහ මගුල්) උත්සවයක දී සිය මෑණියන් වූ මරිය තුමිය කළ ඉල්ලීමක පරිදි ජලය මිදියුසට හැරවීමේ පළමු ප්‍රාතිහාර්ය සිදු කළේ කානා නුවර දී ය. (ජොහාන් 2 : 1 - 11)
කිතුනු සම්ප්‍රදාය පෙන්වා දෙන ආකාරයට, කිතුනු විවාහයේ පූර්වාදර්ශයක් දීම හා කිතුනු විවාහ සංස්ථාවට පදනම යෙදීමත්, පළමු කිතුනු පවුල ස්ථාපිත කිරීමත් කානා නුවර මෙම සිදුවීමත් සමග සිදු විය. කානා හි ඉදිකර ඇති සුප්‍රසිද්ධ සාන්ත බර්තොලමෙව් දෙව්මැදුරේ පිහිටා ඇති ද්විත්ව කුළුණු වනාහී විවාහ වන යුවතිපති දෙදෙනාව සංකේතවත් කරන අතර, එහි අර්ධ ගෝලාර්ධය (Dome) පවුල් සංස්ථාව තුළින් ප්‍රකාශ විය යුතු භක්ත්‍යාදරය පිළිබිඹු කරයි. තවද, ගලීලය ප්‍රදේශයට අයත් කානා නුවර, පසුව ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙකු වූ නතානියෙල් ජීවත් වූ ගමය. නතානියෙල් වනාහී, "වැදගැම්මකට ඇති කිසිවක් නාසරෙතින් නික්මේ ද?" යි අවිශ්වාසයෙන් කතා කළ, එහෙත් පසුව, "ගුරු දේවයිනි, ඔබ වහන්සේ නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය. ඔබ වහන්සේ නම් ඉශ්රායෙල් හි රජිඳාණෝ ය" යි කියමින් තම ඇදහිල්ල ප්‍රකාශ කරමින් ජේසුස් වහන්සේව පිළිගෙන උද්යෝගීමත් අනුගාමිකයෙකු වූවෙකි. (ජොහාන් 1 : 46 - 54) එසේම, කපර්නාවුම නමැති ධීවර ගම්මානයේ ධර්මශාලාව (සිනගෝගය) සාදා දුන් ඇදහිළිවන්ත රෝමානු රාජ්‍ය නිළධාරියාගේ රෝගී වූ පුත්‍රයාව ජේසුස් වහන්සේ විසින් සුව කරන ලද්දේ කානා හි යැයි සැලකේ.(ජොහාන් 4 : 46 - 54)
කපර්නාවුම
![]() |
මරිය තුමිය ජීවත් වූ නිවස තුළ පිහිටි අල්තාරය |
කානා නුවර
ජේසුස් වහන්සේ සිය ධර්මදූත සේවාව ආරම්භ කිරීමේ සළකුණක් වශයෙන් කානා නුවර නම් ග්‍රාමයේ දී සරණ බන්ධන (විවාහ මගුල්) උත්සවයක දී සිය මෑණියන් වූ මරිය තුමිය කළ ඉල්ලීමක පරිදි ජලය මිදියුසට හැරවීමේ පළමු ප්‍රාතිහාර්ය සිදු කළේ කානා නුවර දී ය. (ජොහාන් 2 : 1 - 11)
![]() |
කානා හි ජලය මිදියුෂ කිරීමේ ප්‍රාතිහාර්ය වූ දෙව්මැදුරේ ඇතුළත |
කපර්නාවුම
කපර්නාවුම වනාහී, මුහුදු මට්ටමට වඩා පහතින් පිහිටි කුඩා ධීවර ගම්මානයකි. ජේසුස් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා වූ සීමොන් පේදුරු තුමාගේ ගම කපර්නාවුම බව බොහෝ දෙනාගේ පිලිගැනීම වී තිබේ. සුභාරංචි පොත් වල දැක්වෙන ආකාරයට,
- ජේසුස් වහන්සේ බලවත් උණ රෝගයකින් පෙළුණ සීමොන් පේදුරුගේ තුමාගේ නැන්දණියව සුවපත් කළේ ද (මතෙව් 8 : 14 - 17),
- අංශබාග රෝගයෙන් පෙළුණ මිනිසාව ඔහුගේ මිතුරන්ගේ ඇදහිල්ල නිසා සුවපත් කළේ ද (මාර්ක් 2 : 1 - 12),
- ජේසුස් වහන්සේව අදහාගත් කපර්නාවුමේ ධර්මශාලාව සාදා දුන් රෝමානු සෙබළුන් සිය දෙනෙකුගේ ප්‍රධානියා වූ ශතාධිපතියාගේ මරණාසන්න රෝගීව සිටි වහල් සේවකයාව සුවපත් කළේ ද (මතෙව් 8 : 5 - 13),
- ජායිරස් නමැති ධර්මශාලා ප්‍රධානියාගේ දොලොස් වියැති දියණියව මළවුන්ගෙන් උත්ථාන කළේ ද (මාර්ක් 5 : 21 - 43),
- මහ ලේ නමැති කාන්තා රෝගයකින් දොළොස් වසරක් පීඩා විඳි කාන්තාව ජේසුස් වහන්සේගේ ශ්‍රී සළුවේ දාවල්ල ස්පර්ශ කොට සුවය ලබා ගත්තේ ද (ලූක් 8 : 43 - 48),
ගලීල මුහුද
ගෙනසරෙත් විල (ලූක් 5 : 1), චිනරෙත් විල, තිබේරියස් විල (ජෙහාන් 6 : 1/ 21:1) යනාදී නම් වලින් හඳුන්වන ගලීල මුහුද, අතීතයේ සිටම දැකුම්කළු ධීවර මධ්‍යස්ථානයක් වේ. ගම්මාන කිහිපයක් වටකොට පිහිටි එය ඉතා නිශ්චග වටපිටාවක් සහිත ස්ථානයකි. ජේසුස් වහන්සේගේ ජීවිතයේ බොහෝ සිද්ධින් ගලීල මුහුද ආශ්‍රිතව සිදු වී ඇත.
- මසුන් රාශියක් ඇල්ලීම (ලූක් 5 : 6 - 7),
- ප්‍රථම ධීවර ශ්‍රාවකයන් කැඳවීම (මාර්ක් 1 : 16 - 20),
- දේශනා කිරීම (ලූක් 5 : 1 - 4),
- කුණාටුව නැවැත්වීම (ලූක් 8 : 22 - 25),
- මුහුද මත ඇවිදීම (මතෙව් 14 : 22 - 33),
- පන්දහසකට ආහාර දීම (මතෙව් 14 : 13 - 21),
[ඉදිරියට...]
මෙහි ඉතිරි කොටස බලාපොරොත්තුවෙන් සිටිමි.
ReplyDeleteමගේ බ්ලොග් අඩවියට පැමිණීම ගැන නැවත ඔබතුමාට ස්තුතියි! ජේසුස් වහන්සේ ජීවත් වූ ඉශ්රායෙලය පිළිබඳ ලිපියේ ඉතිරි කොටස හැකි විගස පළ කරන්නම්.
ReplyDeleteජේසු පිහිටයි!
ඔබට ජයෙන් ජය.
෴ ධර්මෝපදේශකයා ෴
Good one
ReplyDeleteඉතා වැදගත් ලිපියක්.
ReplyDelete